FAST NEWS

24×7 Around the Globe

වෙබ් මාධ්‍යවේදීන්ට අළුතින් එන දේ..

වෙබ් මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම මාලාවක් ප්‍රකාශයට පත්කිරීමට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය කටයුතු යොදා ඇත.

එම සංවිධානයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ මහතා පැවසුයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ වාර්ෂික සුහද හමුවේදී මෙම ආචාර ධර්ම මාලාව ප්‍රකාශයට පත්කරන බවයි.

කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන මෙම සුහඳ හමුවට මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් පිරිසක් ද සහභාගිවීමට නියමිතය.