FAST NEWS

24×7 Around the Globe

හිටපු අගවිනිසුරු ශිරානිගේ පුත් ෂවීන් එජාපයෙන් කොළඹට..

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ෂවීන් බණ්ඩාරනායක මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ මහ නගර සභාවට තරග කරන බව සිරිකොත පක්‍ෂ මූලස්ථානය පවසයි.

ෂවීන් බණ්ඩාරනායක මහතා වෘත්තියෙන් නීතිඥයෙක් වන අතර තරුණ පරපුරට තැනදීමේ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිපත්තිය අනුව ශවීන් බණ්ඩාරනායක මහතාට නාම යෝජනා දුන්බව සිරිකොත ආරංචි සඳහන් කළේය.

ෂවීන් පසුගිය මහමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් තනාගෙන තරග වැදුණ අතර වියදම් කළ ප්‍රචාරණයකින් තොරව ඉතා සුළු මනාප ගණනක් ලැබූවත් පසුව සඳහන් කළේ තම පළමු පියවර ගැන සතුටුවූ බවයි.