FAST NEWS

24×7 Around the Globe

දාගැබ සමතලා කල බැකෝ රියදුරා හා ලොරි රියදුරාට වුන දේ මෙන්න..

පසුගියදා සාම්පූර් සුඩකුඩෙයි ප‍්‍රදේශයේ ඉපැරණි දාගැබක් බිමට සමතලා කර දමන ලද ඩෝසරයත්, එය පටවාගෙන ගිය ලොරියත් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අදාල දාගැබ සමතලා කරන ලද ඩෝසරයේ රියදුරා හලාවතදී 26 වනදා රිය අනතුරකට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසු තත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

එමෙන්ම බැකෝ යන්ත‍්‍රය සැගවීම සදහා පටවාගෙන ගිය ලොරි රථයේ රියදුරාද එදිනම යතුරුපැදියෙන් වැටී අනතුරට ලක්ව මුතූර් රෝහලට ඇතුළු කිරීමන් පසු ත‍්‍රිකුණාමලය රෝහලට මාරු කර යවා තිබේ.

අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත පොලීසිය විසින් බැකෝ රථය හා ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇත.