FAST NEWS

24×7 Around the Globe

අලියා හොඳයි ෆයිට් එකට කුකුළා හොඳයි බයිට් එකට..

අපේ කතාවක් තියෙනවා අලියා හොඳයි ෆයිට් එකට කුකුළා හොඳයි බයිට් එකට කියලා. දැන් අපේ මිනිස්සු කුකුළා කාලා ඉවරයි යැයි අමාත්‍ය පී. දිගම්බරන් මහතා බණ්ඩාරවෙල නගරයේ පසුගියදා පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමින් පැවැසීය.

නි. අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

මම දවසක් බණ්ඩාරවෙල ඇවිල්ලා හෝටලයක ඉන්නකොට කළු කණ්ණාඩි දාගත්ත කෙනෙක් කොල්ලෝ සීයක් එක්ක විතර ඇවිත් මට බිත්තර ගැහුවා. මම තනියම හිටියේ. මට බිත්තර ගහලා ගියා. දැන් මම ඉන්නේ ආණ්ඩුවේ. මම බදුල්ලට එන්නේ තනියම. බණ්ඩාරවෙලට එන්නේ තනියම. ඒ මනුස්සයා ඉන්නේ කළු කණ්ණාඩි දාගෙන. ඉතින් එයාට මුළු ලෝකෙම කළුවරනේ. ඉතින් මම කරපු වැඩ පෙනෙන්නේ නැනැ. දැන් එයා කියනවාලු දිගම්බරන් ගෙවල් හැදුවේ නැහැ. වතු කම්කරුවන්ට මොකුත් කළේ නැහැ කියලා. ඒ නිසා මිනිස්සු අනාථ වෙලාලු. එයා පිස්සෙක්. මෙහෙත් පිස්සෙක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි නුවරඑළියෙත් පිස්සෙක් ඉන්නවා. බදුල්ලෙන් පටන්ගෙන වැලිමඩ, නුවරඑළිය, මහනුවර, මාතලේ මේ සියල්ලම අලියම තමයි. අනිවාර්යයෙන්ම අලියා දිනනවා.

නුවරඑළියෙන් පිස්සෙක්, කුකුළගෙන් ඉල්ලනවා. එයා හිතාගෙන ඉන්නේ කුකුළා ආවම දිනන්න පුළුවන් කියලා. එයා වතුවලට ගිහිල්ලා කියනවලු මාව බේරගන්න කියලා. ඒ විතරක් නෙවෙයි දිගම්බරන් එනවා මට හීනෙන් පේනවා රෑට නින්ද යන්නේ නැහැ ඒ නිසා මාව බේරාගන්න කියලත් කියනවලු. අපේ මිනිස්සු බුද්ධිමත්. අපේ දෙමළ ජනතාව දැන් රවට්ටන්න බැහැ. මේ පාර අනිවාර්යයෙන්ම අලියට කතිරය ගහලා අපේ මන්ත්‍රිවරු ජයග්‍රහණය කරනවා. අපේ ජනතාව අවුරුදු 200ක් ලැයින් කාමරවල ජීවත් වුණේ. තාම ඉන්නවා ගොඩක් දෙනෙක්. මට මේ ඇමැතිකම දීලා අගමැතිතුමා කීවා වත්තට ගෙවල් ටික දෙන්න කියලා. ඒ නිසා අපිට යුතුකමක් තියෙනවා එක්සත් ජාතික පක්ෂය රැකගන්න.