අස්ථි රෝග කල්තියා හඳුනාගත හැකි වෛද්‍ය විද්‍යාත්මක සූචියක් (Needle) ලංකාවේ ප්‍රථම වරට මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශය නිපදවා තිබේ.
මෙමගින් අස්ථිවල ගුණාත්මකභාවය ගණනය කළ හැකි අතර, සජීවීව සහ ශල්‍යකර්ම අවස්ථාවකදී වුවද වෛද්‍යවරයෙකුට පහසුවෙන් භාවිත කළ හැකිය.
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඇන්ජලෝ කරුණාරත්න සහ මෙකාට්‍රොනික්ස් සම්බන්ධීකාරක සහ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් අමරසිංහ යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ අවසන් වසර සිසුන් වන විදුෂාන් දිසානායක, එම්.ජී. කසුන් දේවින්ද සහ ජී.පී. මදුෂාන් ඇහැලගස්තැන්න යන සිසුහු මෙය නිපද වූහ.
මෙම උපකරණය මගින් මයික්‍රෝ මීටර 300ක් තරම් ඉතා කුඩා අස්ථි බිඳීම් පවා හඳුනා ගැනීමේ හැකියාව තිබේ.
මෙම උපකරණ සතුව විවිධ වයස් කාණ්ඩවලට අයත් දත්ත පවතින අතර, වයසත් සමඟ අස්ථි පද්ධතිය දුර්වල වීමද උපකරණයෙන් පැහැදිලිව හඳුනාගත හැකිවීම විශේෂත්වයකි.
මෙම උපකරණය සතු ඉලෙක්ට්‍රික් මෝටරය මගින් සූචිය අස්ථියට ඉතා සුළු ස්පර්ශයක් සිදු කිරීමට සැලසේ. එමගින් අනවශ්‍ය ලෙස අස්ථියට කිඳාබැසීම වැළකෙයි. මෙහි ඇති සංවේදක හරහා සූචිය කිඳා බසින ගැඹුරටට සමානුපාතිකව සංවේදනය කර විශේෂ පාලකයකට ලබාදීම සිදුකෙරේ. මෙහි ඇති විශේෂත්වය නම් සූචිය අස්ථියට ස්පර්ශ වී කිඳා බැස තත්ත්පර කිහිපයකින් ප්‍රස්ථාරගත ප්‍රතිපල වෛද්‍යවරයාට ලබාගත හැකිය.
මෙහිදී අපගෙන් රුධිරය ලබාගන්නා විට ඇතිවන ආකාරයේ ඉතා කුඩා වේදනාවක් ගෙන දෙන අතර වෛද්‍යවරයාට පහසු වන පරිදි නිරෝගී පුද්ගලයෙකුගේ දත්තද ඇතුළත් කළ මෘදුකාංගයක්ද මෙයට අඩංගුවේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.