FAST NEWS

24×7 Around the Globe

පැය කිහිපයක් ඇතුළත මිනිසෙක් මැරිය හැකි වෛරසය ගැනත් දැනගෙනම යන්න..

පැය කිහිපයක් ඇතුළත මිනිසෙකු මරණයට පත්කළ හැකිවන ආකාරයේ මාංශ දියවීමේ රෝග ලක්ෂණ සහිත වෛරසයක් පිළිබඳ ජපානයෙන් වාර්තා වේ.

1999 වසරේ මුලින්ම ජපානය සොයා ගත් මෙම වෛරසය දැනටමත් පුද්ගලයින් 500 දෙනෙකුට වැඩි පිරිසකට ශරීරගතවී ඇතැයි සදහන් වේ.

එස් ටී එස් එස් යන නමින් හඳුන්වන මෙම වෛරසය ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන් වන පෙනහළු, වකුගඩු, හෘදය දක්වා පැතිර ගියහොත් පුද්ගලයෙකු පැය කිහිපයක් ඇතුළත මරණයට පත්වන බව වාර්තා වේ.

ශරීරයේ තුවාලයක් සිදුවීමෙන් මෙය ශරීරගතවන බවට විශ්වාස කෙරෙන නමුත්
එය නිශ්චිතව තහවුරු කිරීමට විද්‍යාඥයින් සමත්ව නැති අතර උණ, හිසරදය, වමනය, ශරීරයේ වේදනාවන් ආදිය මෙම වෛරසයේ රෝග ලක්ෂණ වන බව සදහන්ය.