FAST NEWS

24×7 Around the Globe

මව වෙනත් රැස්වීමකට ගියැයි ඡන්ද අපේක්ෂක පුතුගෙන් මරණ තර්ජන..

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැඩිගමුව කොට්ඨාසයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයා සිය මවට හා මාමාට මරණ තර්ජනය කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මෙම මරණ තර්ජනය සිදුකරන අවස්ථාවේදී අදාළ අපේක්ෂකයා සතුව පිස්තෝලයක්ද තිබී ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.

දැඩිගමුව කොට්ඨාසයට තරග කරන හිටපු නාගරික මන්ත්‍රීවරයකු සංවිධානය කළ රැස්වීමකට තමා සහභාගීවූ බවට ඊට විරෝධය පළකරමින් තම පුත්‍රයා මෙසේ තර්ජනය කර ඇති බවටත් ඔහුගේ මව කළ පැමිණිල්ලේ සඳහන් වේ.