FAST NEWS

24×7 Around the Globe

රූ රැජිනක් ක්‍රීඩා ඇඳුමක් අන්දාට කොලොම්බියාව නොසන්සුන්..

කොලොම්බියාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කරන ලද ක්‍රීඩා ඇඳුම් ප්‍රචලිත කිරීම සඳහා රූ රැජනකට අන්දවා රූපවාහිනියේ විකාශනය කරමින් ප්‍රචාරක වාසියක් ලැබූ අඩිඩාස් සමාගම දැඩි විවේචනයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

කාන්තා ජාතික කණ්ඩායම වෙනුවෙන් අඩිඩාස් සමාගම නිර්මාණය කරන ලද මෙම ඇඳුම් කට්ටලය කොලොම්බියානු රූ රැජනක් මෙන්ම ලෝක රූ රැජනක්ද වූ මේ වන විට නිළියක මෙන්ම නිරූපිකාවක ලෙසද ප්‍රකට පෝලිනා වෙගා ඩිප්පා ට අන්දවා එය රූපවාහිනියේ විකාශය කෙරුණි.

මෙම විවේචනය වඩාත් දැඩි වීමට හේතු වී ඇත්තේ පිරිමි කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම ප්‍රචලිත කිරීම සඳහා සුපිරි ක්‍රීඩක ජේම්ස් රොඩ්රිගස් යොදා ගනිද්දී කාන්තා ඇඳුමට නිළියක් යොදා ගැනීම නිසාවෙනි.