FAST NEWS

24×7 Around the Globe

O/L ගණිත ගැටලුවට විසඳුමක්..

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) මෙවර විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයෙන් සිසුනට අසාධාරණයක් නොවනු පිණිස ලකුණු දීමේ පටිපාටිය සංශෝධනය කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මෙවර ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේදී සිසුනට දුෂ්කරතා මතුවූ බවට ඇතැම් දේශපාලනඥයන් හා වෘත්තීය සමිති නියෝජිතයන් මාධ්‍ය මඟින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් විසින් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිතගේ අවධානය යොමුකරවා සිසුන් මුහුණ දුන්නේ යැයි කියන තත්ත්වය ගැන කරුණු විමසා තිබේ.

ප්‍රශ්න කිහිපයක අවසාන කොටස පමණක් හේතු දැක්වීම සහ ගැටලු විසඳීම වැනි ඉහළ මට්ටමේ කුසලතා පාදක කොටගෙන සකස් වී ඇති බැවින් ඇතැම් සිසුනට එම ප්‍රශ්නවලට සම්පූර්ණ ලකුණු ලබාගැනීමට තරමක් දුෂ්කර වීමට ඉඩ ඇති බැවින් ලකුණු දීමේ පටිපාටියේ අවශ්‍ය සංශෝධන සිදුකර සිසුනට අවාසියක්, අසාධාරණයක් නොවන පරිදි උත්තර පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය සිදු කිරීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර ඇති බැව් හෙතෙම අධ්‍යාපන ඇමැතිවරයාටද දන්වා ඇත.