රුසියාවේ සෙන්පීටර්ස්බර්ග් නගරයේ සුපිරි වෙළඳසැලක් තුළ අත්බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
එම වෙළදසැලෙහි පාරිභෝගිකයින්ගේ ගමන් මළු තබන ස්ථානයේ තිබීයදී මෙම අත්බෝම්බය පුපුරා ගොස් තිබෙන බව විදෙස්වාර්තා වල සදහන්ය.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ද නැතහොත් කිසියම් පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා සැලැස්මක් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.
C.Rodrigo









