FAST NEWS

24×7 Around the Globe

පිටියේදී ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන් හතුරුසිංහ නෙමෙයි – සර්කාර්ගෙන් අරියාදුවක්..

නව පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය මෙහෙයවීමට නියමිත අතර ,මෙම තරගාවලිය එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරුවා වෙයි.

බංග්ලාදේශ ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර් පවසන්නේ බංග්ලාදේශයද හතුරුසිංහ ගැන හොඳින් දන්නා බවත් ඔහු ශ්‍රී ලංකාවේ පුහුණුකරු වූ පමණින් තරගාවලියේ ප්‍රතිඵලයට වෙනසක් නොවෙනු ඇති බවත්ය.

“ ඔව් හතුරුසිංහ අපි ගැන දන්නවා. එය ඔහුට ගොඩක් බලාපොරොත්තු ගෙන එන්නක්. නමුත් පිටියේදී ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන්. හතුරුසිංහ නෙමෙයි. හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරන අය දිනනවා.

ශ්‍රී ලංකාවට වගේම අපිටත් නව පුහුණුකරුවෙක් ඉන්නවා. ඉතින් කණ්ඩායම් දෙකේම සැලසුම් වෙනස්. අපි ලබන වසර ධනාත්මකව ආරම්භ කරනවා. අපිත් ඔහු ගැන පුහුණකරුවෙකු ලෙස දන්නවා. ඔහු තරග දිනන්න සැලසුම් කරන අයුරු අපි දන්නවා”