FAST NEWS

24×7 Around the Globe

රුසියානු යුධ නැව පසුපස බ්‍රිතානය යුධ නැව යයි..

උතුරු මුහුදේ බ්‍රිතාන්‍ය මුහුදු කලාපයට ආසන්නව ගමන් කළ රුසියාවට අයත් අද්මිරාල් ගොර්ෂ්කෝව්ස් යුද නෞකාව ගැන පසුගමන් යෑමට බ්‍රිතාන්‍ය යුද නෞකාවක් වන එස්.එම්.එස්. සෙන්ට් ඇල්බාන්ස් යුද නෞකාව කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රුසියාව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමක්ද සිදුකර නොමැති බවත් පැවසේ.

මෑත කාලයේදී බ්‍රිතාන්‍ය මුහුදු සීමාවට ආසන්නයෙන් ගමන් කළ රුසියානු යුද නෞකා පිළිබඳ විමසිලිමත් වීමට රාජකීය නාවික හමුදාව කටයුතු කළ බව ඔවුන් නිවේදනය කර තිබේ.

විශේෂයෙන්ම මෙම මුහුදු කලාපයේ පවතින අන්තර්ජාල කේබල් පද්ධතිවලට හානියක් සිදුවිය හැකි බවටද අනතුරු අඟවන රාජකීය නාවික හමුදාව පෙන්වා දෙන්නේ, යම් ලෙසකින් රුසියානු නෞකා හේතුවෙන් එවැන්නක් සිදුවුවහොත් එය කලාපයේ ආර්ථිකයට බලවත් හානි ගෙනදෙන්නක් විය හැකි බවයි.

DE සිල්වා