FAST NEWS

24×7 Around the Globe

පක්ෂ සභාපතිගේ ෆොටෝ ගහන් ඉල්ලුවොත් ඇපත් නෑ..

පක්ෂ සභාපතිවරයාගේ ෆොටෝ ගහගෙන ජන්දයට ඉදිරිපත් වුවහොත් ඇපත් නැතිවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ, පත්තඩුවන ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයොත් ජන්ද ඉල්ලන්නේ මහින්ද මහත්තයගේ ෆොටෝ එක දාගෙන. සමහර තැන්වල ස්වාධීන කණ්ඩායම්වලින් තරඟ කරන, වෙනත් පක්ෂවලින් තරඟ කරන අයත් ජන්ද ඉල්ලන්නේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන. මේකෙන්ම පැහැදිලියි අද රටේ ජනමතය මොකක්ද කියලා. පක්ෂ සභාපතිවරයාගේ ෆොටෝ එක ගහලා ජන්දෙට ගියොත් ඇපත් නැති වෙන බව ගමේ අපේක්ෂකයන් දන්නා නිසයි, ශ්‍රී ලංකා අපේක්ෂකයන් මහින්දගේ ෆොටෝ එක යොදාගෙන ජන්දේ ඉල්ලන්නේ.”

“එක්සත් ජාතික පක්ෂය එක්ක දීග කන ගමන් මහින්දට හොරා කියන ගමන් මහින්දගේ ෆොටෝ ගහගෙන ජන්දය ඉල්ලන්න ලැජ්ජා නැද්ද කියලයි අපට මේ අයගෙන් අහන්න තියෙන්නේ. පක්ෂයේ සභාපතියි, ඇමැති කටු සූප්පු කරන අයයි එක පැත්තකින් මහින්දට හොරා කියා කියා තවමත් බනිනවා. හැබැයි අනෙක් පැත්තෙන් මහින්දගේ ෆොටෝ එක ගහගෙන ගිහින් ජන්දය ඉල්ලනවා. මම ජනතාවගෙන් ඉල්ලනවා මේවට රැවටෙන්න එපා. මහින්ද වෙනුවෙන්, රට වෙනුවෙන්, රටට ආදරය කරන ඇය ජන්දය ඉල්ලන ලකුණ පොහොට්ටුවවයි. කවුරු මොන ෆොටෝ ගහගෙන ආවත් රැවටෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා.”