2019 එක්දන ලෝක කුසලානය වෙනුවෙන් ස්‌ථිර නායකයකු පත්කර ගැනීමට කටයුතු යොදා ඇති බවත්, අදාළ නායකත්වයට මේ වන විට ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා යෝජනා වී ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.
ලබන මස බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට් තරගාවලියේ සිට නව නායකයා පත් කරන බවත් අනතුරුව ඔහු දක්‌වන දක්‍ෂතා මත ලෝක කුසලානය වෙනුවෙන් එම පත්වීම ස්‌ථිර කරන බවත් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
‘අපි දැනට ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා තිදෙනාගෙන් එක් අයකුට නායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමගත් සාකච්ඡා කරමින් ඔවුන්ගේ දක්‍ෂතා සහ අනාගතයට ගැලපෙන හොඳම කෙනාව තෝරා ගන්නවා. කොහොම වුණත් පත්කරන නායකයා 2019 ලෝක කුසලානට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔහු දක්‌වන දක්‍ෂතා මත. නායකයා හරියට කරන්නෙ නැතිනම් 2019 තෙක් පත්කරලා වැඩක් නැහැ. ඒ නිසා තරගාවලියෙන් තරගාවලිය අපි බලනවා මොකද කරන්නෙ කියලා.’
‘අපි 28 වැනිදා තමයි පුහුණුවීම් ආරම්භ කරන්නෙ. ඒ සෑම පුහුණුවීමකින් අනතුරුව රැස්‌වීමක් තියෙනවා. එතනදි අපි කතා කරනවා කවුද පත්කරන්නෙ කියලා.’
DE සිල්වා







