FAST NEWS

24×7 Around the Globe

අයවැය පරදින ඉඟිය SBගෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයවැයට පෙර කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය වීමේ අවදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කියයි.

එයට හේතුව දැනට පවතින්නේ තාවකාලික ආණ්ඩුවක් බවත් ස්ථිර ආණ්ඩුවක් නොමැති වීම නිසා අය වැය පරාජය වීමට ඉඩකඩ ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

ඒ නිසා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකඟතාවයකට පැමිණ වහාම කැබිනට් මණ්ඩලය පත්කළ යුතු බවද ඒ මහතා කියා සිටී.