FAST NEWS

24×7 Around the Globe

ලොව විශාලතම මගී ගුවන් යානයක් හදිසියේ කටුනායකට බායි..

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර සිට ඩුබායි බලා පියාසර කරමින් සිටි ලොව විශාලතම මගී ගුවන් යානයක් හදිසි ඉන්ධන අවශ්‍යතාවක් සඳහා කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටු‍පොළ වෙත ඊයේ (25) අලුයම ගොඩබස්වා තිබේ.

එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඒ 380 එයාර් බස් වර්ගයේ මෙවැනි ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ගොඩබස්වා ඇත්තේ වසර ගණනාවකට පසුව බව වාර්තා වේ.

ගුවන් යානය තුළ මගීන් 400 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 30 දෙනකු සිට ඇත.

ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ගුවන් යානය පිටත්ව ගොස් ඇත.