FAST NEWS

24×7 Around the Globe

රාවුල් කස්‌ත්‍රෝ ජනපති ධුරයෙන් ඉවත් වෙයි..

කියුබාවේ ජනාධිපති රාවුල් කස්‌ත්‍රෝ 2018 අප්‍රේල් මස ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

2018 අප්‍රේල් 19 දා පැවැත්වෙන මැතිවරණයෙන් නව ජනාධිපතිවරයකු තෝරාගන්නා බව 86 හැවිරිදි වියේ පසුවන රාවුල් කස්‌ත්‍රෝ ප්‍රකාශ කර තිබේ.

කියුබාවේ නව නායකත්වය උදෙසා තරුණ පිරිස්‌ පත්කරගත යුතු බව රාවුල් කස්‌ත්‍රෝ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

2008 වසරේදී පිදෙල් කස්‌ත්‍රෝ විසින් තම සොහොයුරාවූ රාවුල් කස්‌ත්‍රෝට බලය පවරනු ලැබීය.

DE සිල්වා