FAST NEWS

24×7 Around the Globe

හතුරුසිංහ 23 ක් තෝරා ගනියි.

බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩකයන් 23 දෙනකු ඇතුළත් මූලික සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම සංචිතය තෝරාගැනීමේදී එළැඹෙන බංග්ලාදේශ සංචාරය තෙක් දේශීය ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවන ක්‍රීඩකයන් තෝරාගත යුතු යැයි නව පුහුණුකරු හතුරුසිංහගේ ඉල්ලීම මත මෙම තෝරාගැනීම සිදුකර ඇති බවත් කියැවේ.

සංචිතය සම්පූර්ණයෙන් මෙසේය:

තිසර පෙරේරා, උපුල් තරංග, ධනුශ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුසංක, ළහිරු කුමාර, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩෙසේ, අමිල අපොන්සු, ලක්ෂාන් සඳකැන් සහ චතුරංග ද සිල්වා.