FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලන්කන් හා මිහින් ලංකා කොමීෂන් කතා මැතිවරණයට පමණයි..

ශ්‍රීලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවාවන් සම්බන්ධව සොයාබැලීමට කොමිෂන් පත් කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හුදෙක් පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් කරන ලද්දක් බව ජවිපෙ අවධාරණය කරයි.

එම පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අභියෝග කළේ දූෂණ වංචා සෙවීමට නව කොමිෂන් පත්කිරීමට පෙර බැඳුම්කර ගනුදෙනුවට අදාළ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට ක්‍රියා කරන ලෙසටයි.

මෙම පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ඉදිරියේ පැවසීමට කිසිවක් නැති නිසා මැතිවරණ වාසිය ලබාගැනීමට ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශ කරන බවය.