FAST NEWS

24×7 Around the Globe

කෙහෙළිය සමඟ 10 ක් එජාපයට..

ජනවාරි මාසයේ දී එක්සත් ජාතික පක්ෂයට අලුතින් මන්ත්‍රීවරුන් 10කට වැඩි පිරිසක් සම්බන්ධ වන බව අමාත්‍ය පී. හැරිසන් මහතා, අනුරාධපුරයේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ඔහොම නැහැ කියපුවා කොච්චර කල් කිව්වද? කෙහෙළිය ඇමතිතුමාට ඉතිහාසය මතක නැහැ. එතුමා අපිට එන හින්දා මම ඉතිහාසය ගැන මතක් කරන්නේ නැහැ. ඊට කලිනුත් ඔය විදියට කතා කිව්වා. ඒ වුණාට ඔබ තුමාට බලා ගන්න පුළුවන් ජනවාරි 10 – 12 වෙනකොට මොකද වෙන්නේ කියලා. කෙහෙළිය විතරක් නෙවෙයි තව කණ්ඩායමක් එනවා. මන් හිතන්නේ තව 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් එන්න දැන් සාකච්ජා මට්ටමෙන් යනවා වැඩේ.”