FAST NEWS

24×7 Around the Globe

රුසියාව තේ තහනම ඉවත් කරයි…

රුසියාව විසින් මෙරටට එරෙහිව තේ මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම , දෙරටේ නියෝජිතයින් අතර ඊයේ (25) පැවැති සාකච්ඡාවලින් අනතුරුව අදාළ තහනම ඉවත් කිරීමට රුසියානු රජය තීරණය කළ බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවසීය.

ඒ අනුව මේ මස 30 වනදා සිට රුසියාව යළි මෙරටින් තේ මිලදී ගැනීමට අපේක්ෂිත බවද එ මහතා පැවසීය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය මෙම තහනම ඉවත් කර ගැනීමට විශේෂයෙන් බලපෑ බව වෛද්‍ය සමන් වීරසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපතිවරයා වෙත තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ලිපියක් ද යොමු කර තිබූ බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

මෙරටින් ආනයනය කළ තේ තොඟයක කෘමියෙකු සිටි බවට එල්ල වූ චෝදනාවලින් පසු පසුගිය 18 වනදා සිට රුසියාව අදාළ තහනම පනවා තිබුණි.

DE සිල්වා