FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවෙන් පොල් මද ආනයනය කිරීමට අවධානය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දුනීසියාවෙන් පොල් මද ආනයනය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

මෙරට පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අදාළ ආනයන කටයුතු සිදුකෙරෙනු ඇති අතර, ඒ අනුව ඊට අවශ්‍ය තාක්‍ෂණික දැනුම, බැංකු ණය හා ආයෝජන අවස්ථා පොල් සංවර්ධන අධිකාරිය විසින් ව්‍යවසායකයන්ට ලබාදීමටද වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමේ අවශ්‍යතාවක් සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනිය අතර පසුගියදා අදහස් හුවමාරු වී තිබේ.

ඒ අනුව ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වාණිජ කටයුතු අමාත්‍යවරයා කඩිනමින් දැනුම්වත් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් තානාපතිනියට දන්වා ඇති බවද සඳහන් වේ.