FAST NEWS

24×7 Around the Globe

පිලීපිනයට බලපෑ වැහි කුණාටුවෙන් 133 ක් මරුට..

පිලිපීනයට අයත් මින්දනාවෝ දූපත හරහා හමාගිය වැසි සහිත කුණාටුවෙන් හටගත් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් 133 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

අධික වැසි ඇදවැටීම නිසා හදිසි ගංවතුර තත්ත්වයක් ද නායයෑම් ද පස්කඳු කඩා වැටීම් ද  සිදුවී ඇත. ටුපොයිඩ් හා පියාගැපෝ නගරවලට බොහෝ හානි සිදුවී ඇති අතර ගල්පර්වත කඩා වැටී නිවාස බොහොමයක් බිමට සමතලා වී ඇතැයි පැවසේ.

ටෙම්බියන් ලෙස හඳුන්වා ඇති මෙම සුළි කුණාවෙන් පැයට කිලෝමීටර් 80ක පමණ වේගයෙන් සුළං හැමූ බවත් ඉන්පසු කුණාටුව පලවාන් දූපත දෙසට ගමන් කරමින් පවතින බවත් කාළගුණික අංශ පවසයි. 

විදුලිය විසන්ධි විම හා සන්නිවේදන සබඳතා ඇණහිටීම හේතුවෙන් හා දිගින් දිගටම පවතිනe අයහපත් කාළගුණික තත්ත්වය නිසා  මුදවාගැනීමේ කටයුතු වලට බාධා පැමිණ ඇතැයි සහන සේවකයෝ පවසති.