පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දීමෙන් අනතුරුව හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ මිල්රෝයි ප්‍රනාන්දු සහ වයඹ පළාත් සභා මන්ත්‍රී ට්‍රෙවින් ප්‍රනාන්දු මහතා අතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ගැටුමක් ඇතිව තිබේ.
පසුව එය පාලනය කිරීමට දෙපිරිසේ පිරිස් දැඩි පරිශ්‍රමයක් ගෙන තිබූ අතර දෙපාර්ශවයේ ආධාරකරුවන් මැදිහත්වීම නිසා සමථයකට පත්ව ඇති බව වාර්තා වේ.
ඊයේ (21) සවස නාම යෝජනා බාර දීමෙන් පසු විරෝධතා දැක්වීමට ලබා දී තිබූ කාලයද අවසන්වී සියල්ල නිමාවට පත්වී කන්ඩායම් දෙක පිටත්ව යන අවස්ථාවේදී මෙම ගැටුම හට ගෙන ඇත.
එහිදී හිටපු ඇමති මිල්රෝයි ප්‍රනාන්දු මහතා “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයවේවා”කියා කෑ ගසා ඇති අතර ට්‍රේවින් ප්‍රනාන්දු පළාත් සභා මන්ත්‍රීවරයා “පොහොට්ටුවට ජය වේවා” කියා කෑ ගසා දෙදෙනාම එක වර “ජයවේවා” කීමට යාමත් සමග මෙම ගැටුම හටගත බව වාර්තා වේ.
පසුව දෙපාර්ශවයම සමථයකට පත් වී දිසා ලේකම් කාර්යාල භූමියෙන් පිටව ගොස් තිබේ.
දේශපාලන පක්ෂ වලට පෙළපාලි සහ අනිකුත් දේ තහනම් කර තිබියදි පක්ෂ දෙකෙහිම දේශපාඥයින් දෙදෙනා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළදි මෙලෙස හැසිරී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණමඩුව සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ ආධාරකරුවන් 1000 ක් පමණ ඔහුව පිළිගනිමින් රැගෙන යාම සිදුවිමක් වාර්තා වේ.
පිටුපසින් හිටපු ඇමතිවරයකු වු ප්‍රියංකර ජයරත්න මහතා නෙළුම් පොහොට්ටුවක් රුගෙන සනත් නිශාන්ත , අරුන්දික ප්‍රනාන්දු , ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ගමන් කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.