FAST NEWS

24×7 Around the Globe

පාතාලයෙක්ගේ පුතෙක්ට නාම යෝජනා දෙන්න එපැයි අගමැති අමතයි..

පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකුගේ පුත‍්‍රයකු කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමේ වෑයම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (21) වළක්වා ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

කුඩු ජාවාරම්කරු මේ වන විට විදේශගතව ඇතැයි පැවසේන අතර ,මොහුගේ පුත‍්‍රයා කොළඹ මහ නගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට දිස්ත‍්‍රික්කයේ එජාප ප‍්‍රබලයකු දැඩි වෑයමක් දරා ඇතැයි පැවසේ.

මේ පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා ඊයේ අලූයම 3.00ට දුන් නියෝගයක් අනුව ඒ තැනැත්තාගේ නම කොළඹ මහ නගර සභා එජාප අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු බව එජාප ආරංචි මාර්ගවලින් වැඩි දුරටත් පැවසේ.