FAST NEWS

24×7 Around the Globe

මානව හිමිකම් විමසන නිළධාරීන්ට මියන්මාරයට ඇතුළුවීම අවහිර කරයි..

මානව හිමිකම් පිලිබද විමසීම සදහා පැමිණෙන කිසිදු නිළධාරියෙකුට තම රටට ඇතුළුවීමට ඉඩ නොදෙන බව මියන්මාර රජය පවසන බව විදෙස්මාධ්‍ය පවසයි.

ඔවුන් මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම්දී ඇති බව සඳහන්ය.

මියන්මාරයේ වෙසෙන රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු වු බව පැවසෙන වධහිංසා සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමසීමක් කිරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද ස්වාධීන පරික්ෂකවරියක් ලබන මාසයේදී මියන්මාරයේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.

 

C.Rodrigo