FAST NEWS

24×7 Around the Globe

වන අලියෙක් මැරුවොත් ජීවිතාන්තය දක්වාම සිර දඬුවම්..

අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස දළ ඇතුන් මරා දමන තත්ත්වයක් නැවත ඇතිවීම වළක්වාලීමේ අරමුණින්, වනඅලි ඝාතනයකදී උසාවියකින්, වරදකරු වන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළහැකි වන පරිදි, වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාවේ වන අලි ගහනය සහ වනජීවී සම්පත් සංරක්ෂණය තහවුරු කිරීම සඳහා වනජීවී නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා ආරක්ෂක හමුදා විසින් ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීමට රජයේ අවධානය යොමුව ඇත.