FAST NEWS

24×7 Around the Globe

මිරිස්සේ O/L සිසුවිය පැහැරගෙන තියෙන්නෙ පෙම්වතා..

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මිරිස්ස ප්‍රදේශයේ පාසල් සිසුවිය පැහැර ගෙන ඇත්තේ ඇයගේ පෙම්වතා විසින් බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඉකුත් 16 වැනිදා රාත්‍රියේ ඇය පාඩම් කරමින් සිටියදී නිවෙසට කඩා වැදී දෙදෙනකු නිවසේ ඉදිරිපස ‍දොරටුව කඩා සිය දියණිය පැහැරගෙන ගිය බව ඇයගේ මව වැලිගම පොලිසියට පැමිණිලි කර තිබිණි.

වසර තුනක පමණ ප්‍රේම සබඳතාවක් මත එම පෙම්වතා ඇයව මෙලෙස රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.

පොලිස් නිලධාරීන් දුරකතනයෙන් ඇයට කතා කරද්දී තමා නිරුපද්‍රිතව සිටින බවට පොලිසියට පවසා ඇති අතර දෙදෙනාටම පොලිසිය වෙත පැමිණෙන ලෙසද පොලිස් නිලධාරීන් ඔවුන්ට දැනුම් දී ඇත.