FAST NEWS

24×7 Around the Globe

විමල්ට හා එතුමාගේ නෝනාට අසූචිවලට ලොකු නෑදෑකමක් තිබෙනවා..

“විමල් වීරවංශ මැතිතුමාට සහ එතුමාගේ නෝනා හට අසූචිවලට ලොකු නෑදෑකමක් තිබෙනවා. ගිලෙන්නේ නැතිව යාන්තං කට විතරයි ඉතුරු වෙලා තිබෙන්නේ. ඒ නිසා බොහොම ලෙහෙසියෙන් අසූචි අනුභව කරන්න පුළුවන්. එයාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. හැබැයි එකක් කියන්න පුළුවන්. අපි ජීවිතේට එතුමාව ගන්නේ නැහැ” යැයි සමාජ සවිබලගැන්වීම් සුබසාධන කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්. බී. දිසානායක පවසයි.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා එස්. බී. දිසානායක ඇමැතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් ඊයේ (19) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා භාරදීම සඳහා සහභාගි වෙමින් මේ බව පැවැසීය.