වොෂින්ටන් ප්‍රාන්තයේදී ඇමෙරිකා මගී දුම්රියක් සිය මංගල ගමනේදී පීලි පැනීමකට ලක්වීමෙන් මහා අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙයි.
දුම්රිය සියැටල් නුවර සිට පෝට්ලන්ඩ් බලා ධාවනය වෙමින් තිබුණු බවත් අනතුරින් පුද්ගලයන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයටත් තවත් මගීන් පිරිසක් තුවාල ලැබූ බවත් සදහන්ය.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 6 ට පමණ කාර්ය බහුල අවස්ථාවේදී මෙම අනතුර සිදුවුණ බවයි.
C.Rodrigo









