ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයකට පත්කරමින් කඩුලු ලබාගැනීම තම පන්දු යවන්නන්ගේ අදහස වූ බව, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයේ වීරයා බවට පත්වූ ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක යස්වෙන්ද්‍ර චහාල් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
“කොහොම වුණත් පිතිකරුවකුට හොඳින් ක්‍රීඩා කරනවා නම් ඒ ක්‍රීඩකයාට අපි වෙනස් ආකාරයෙන් පන්දුයැවිය යුතුයි. එහෙම වෙනස් ආකාරයේ පන්දු යැව්වොත් අපිට ඔහුව පාලනය කර ගන්න පුළුවන්. අපි සියලු දෙනාගේම අරමුණ වුණෙත් ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට පත් කරමින් පන්දු යවන්නයි”
එසේම නිරෝෂන් දික්වැල්ල දවා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමීන් චහාල් සඳහන් කර තිබුණේ, “සාමාන්‍යයෙන් ස්ලිප් ක්‍රීඩකයකු යොදාගෙන පන්දු යැව්වොත් පිතිකරුවකුට පීඩනයක් එන බව දන්න නිසා නිරෝෂන් දික්වැල්ලට ස්ලිප් ක්‍රීඩකයකු යොදාගෙන පන්දු යැව්වේ ඒක ඇත්තටම සාර්ථක වුණා” යැයි යනුවෙන්ය
DE සිල්වා







