FAST NEWS

24×7 Around the Globe

ඊජිප්තුව ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව ඇමරිකාව නිශේධ බලය යොදයි..

ජෙරුසෙලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජනපති ට්‍රම්ප් විසින් පිළිගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඊයේ(18) ඊජිප්තුව ඉදිරිපත් කළ යෝජනාව ඇමරිකාව නිශේධ බලය යොදා පරාජය කරනු ලැබීය.

යෝජනාවට එරෙහිව නිශේධ බලය යොදමින් ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි කියා සිටියේ එම යෝජනාව තම රටට එරෙහි අපහාසයක් ලෙස සලකන බවත්, කිසිදා අමතක නොකරන බවත්ය.

 

C.Rodrigo