දකුණූ අප්‍රිකාවේ පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකත්වය එරට උප ජනාධිපති සිරිල් රමෆෝසා හට හිමිව තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
ඔහු පක්ෂ නායකත්වයට පත්ව ඇත්තේ එරට හිටපු විදේශ කටයුතු ඇමතිවරියක සහ ජනාධිපති ජේකොබ් සූමාගේ හිටපු භාර්යාව වන කොසසානා ද්ලමිනි සූමා සමඟ පැවති තියුණූ තරඟයකින් අනතුරුවය.
ප්‍රතිඵලය නිකුත් කිරීමත් සමඟ රමෆෝසාගේ ආධාරකරුවන් ප්‍රීතී ඝෝෂා පවත්වන බව වාර්තා විය.
C.Rodrigo









