FAST NEWS

24×7 Around the Globe

මිරිස්සේ O/L සිසුවියක මහ රෑ ගෙදරටම ඇවිත් පැහැරගෙන..

මිරිස්ස ප්‍රදේශයේ පදිංචි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් ශිෂ්‍යාවකගේ නිවෙසට පැන රාත්‍රි කාලයේ ඇය පැහැරගෙන ගොස් තිබේ.

දින තුනක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට 16දා රාත්‍රි පාඩම් කරමින් සිටියදී නිවෙසට පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඉදිරිපස ‍දොරටුව කඩා නිවෙසට ඇතුළු වී ඇති බවත් සැකකරු රාත්‍රි 10.30ට පමණ දැරියගේ අතින් ඇදගෙන ගොස් ත්‍රිරෝදයක දමාගෙන පලා ගොස් ඇති බවත් දැරියගේ මව පොලිසියට පැමිණිලි කර ඇත.

ඇය මිරිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන අතර දැරියගේ පවුලේ අය සැකකරු හඳුනාගෙන ඇති බැවින් වැලිගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.