FAST NEWS

24×7 Around the Globe

නෙළුම් කුළුණ කොළ පාටින් ආලෝකවත් කළ යුතු හේතුව මන්ත‍්‍රී මුජිබර්ගෙන්..

කොළඹ නගර මධ්‍යයේ ඉදිවන නෙලුම් කුළුණ පසුගිය රජය විසින් විශාල මුදලක් වැය කර ඉදිකර තිබුනේ බාගෙට බවත් වත්මන් රජයට එහි ඉතිරි කොටස් සම්පූර්ණ කිරීමට සිදු වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

කෙසේ වෙතත් එය අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමක් නොවන බවද ඔහු ප්‍රකාශ කලේය.

නෙළුම් කුළුණ කොළ පාටින් ආලෝකවත් කරන්නේ එය කෘත්‍රිම නෙළුම් මලක් නිසා බවත් එය කුමන වර්ණයකින් ආලෝකවත් කළත් ගැටලුවක් නැති බවත් ඔහු කීය.

කොළ පැහැය රාත‍්‍රි කාලයේදී ඈතටම පෙනෙන වර්ණය නිසා නෙළුම් මලේ පෙති කොළ පාටින් වර්ණ ගැන්වුවද ගැටළුවක් නැතැයිද ඔහු සදහන් කලේය.