FAST NEWS

24×7 Around the Globe

හැරී – මේගන් රාජකීය මංගල්‍යය සෙනසුරාදා දිනයක..

චාල්ස් – ඩයනා යුවළගේ දෙටු පුත් හැරී කුමරු ඇමරිකානු සිනමා නිළි මේගන් මාකල් සමඟ ලබන වසරේ මැයි 19 වන දා විවාහ දිවියට එළඹෙන බව කෙන්සිංටන් මාළිගය ඊයේ(15) නිවේදනය කරන ලදි.

රාජකීය මංගල්‍යයේ දේව මෙහෙය වින්ඩ්සර් මැදුර ආසන්නයේ පිහිටි ශාන්ත ජෝර්ජ් චැපල් දේවස්ථානයේදී පැවැත්වෙනු ඇති.

රාජකීයන්ගේ මංගල්‍යයන් සාමාන්‍යයෙන් සතියේ දින පැවැත්වීම සිදුවෙන බව සදහන් වන නමුත් ඔවුන් විවාහ දිවියට පිවිසෙන්නේ සෙනසුරාදා දිනයක වන අතර එය රාජකීය සම්ප්‍රදාය ඉක්මවා යාමක් ලෙසද සැලකෙයි.