FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ,සිම්බාබ්වේ හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් සටනේ කාල සටහන..

2018 ජනවාරී මස 15 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශය සංචාරයට අදාළ තරග කාල සටහන නිකුත් කර තිබේ.

මෙම සංචාරය ආරම්භ කරමීන් ශ්‍රී ලංකාව,බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තුන්කොන් එක්දින තරගාවලියක් ජනවාරි 15 වැනිදා ආරම්භ වීමට නියමීතය.

එම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් හා විස්සයි20 තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය.

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන්නේ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු තරගාවලිය මෙය වෙයි.

තුන්කොන් එක්දින තරගාවලියේ කාල සටහන

ජනවාරි 15 – සිම්බාබ්වේ – බංග්ලාදේශය
ජනවාරි 17 – සිම්බාබ්වේ – ශ්‍රී ලංකාව
ජනවාරි 19 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
ජනවාරි 21 – ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ
ජනවාරි 23 – බංග්ලාදේශය- සිම්බාබ්වේ
ජනවාරි 25 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
ජනවාරි 27 – අවසන් මහ තරගය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය

ජනවාරි 31 – පෙබරවාරි 4 – පළමු ටෙස්ට් තරගය
පෙබරවාරි 8 – පෙබරවාරි 12 – දෙවැනි ටෙස්ට් තරගය

ශ්‍රී ලංකා බංග්ලාදේශ විස්සයි20 තරගාවලිය

පෙබරවාරි 15 – පළමු විස්සයි20 තරගය
පෙබරවාරි 18 – දෙවැනි විස්සයි20 තරගය

DE සිල්වා