FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශයේ පර්පින්යොන් අසල සිදු වූ අනතුරකින් සිසුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට..

ප්‍රංශයේ දකුණුදිගින් පිහිටි පර්පින්යොන් නගරය අසල සිදු වූ අනතුරකින් පාසල් සිසුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස්මාධ්‍ය පවසයි.

මෙම අනතුර සිදුවී ඇත්තේ පාසල් බස් රථයක් සහ දුම්රියක් එකිනෙක ගැටීමෙන්ය.

ඉන් සිසුන් විසි දෙනෙකු තුවාල ලැබූ බවත් එකොළොස්දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසු වන බවත් ඔවුන් අවුරුදු 13ත් 17ත් අතර වයස්වල පසුවන්නන් බවත් එරට වාර්තා සදහන් කරයි.

ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ බස් රථය අනතුරට ලක් වන අවස්ථාවේ එය පැයට කිලෝ මීටර් අසූවක වේගයෙන් ධාවනය කර ඇති බවයි.

 

C.Rodrigo