FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ ලියන්න ඇවිත් විභාග අංක මාරු කරගෙන..

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට වංචා සහගත ලෙස පෙනී සිටි පුද්ගලික අපේක්ෂකයන් දෙදෙනෙකු ලුණුගල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ලුණුගල මහා විද්‍යාලයේ ශාලා අංක 2 හි පුද්ගලික අපේක්ෂකයන් දෙදෙනෙකු මෙලෙස විභාග අංක මාරු කර අන් අයෙකු ලෙස පෙනී සිටින බව එහි ශාලාධිපතිවරයා පොලීසියට දැනුම්දී ඇති බව සඳහන්ය.

ඒ අනුව, පොලිස් මූලස්ථානය සඳහන් කළේ පොලීසිය එම ස්ථානයට පැමිණ හැඳුනුම්පත් සහ විභාග ප්‍රවේශපත්‍ර මාරු කර විභාගයට පෙනී සිටීමේ වරදට ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි .

අවුරුදු 17 සහ 18 වයස්වල පසුවන ලුණුගල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන මෙම සැකකාර ළමයින් දෙදෙනා අද(15) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.