FAST NEWS

24×7 Around the Globe

වතුකරයේ වටපණු රෝගය වැඩියිලූ..

මහනුවර දිස්ත්‍රික්කයේ වතුකරය ආශ්‍රිතව වයස අවුරුදු 01ත්, 12ත් අතර දරුවන්ට වටපණු ආසාධන රෝගය සියයට 30ක් දක්වා වැලඳී ඇති බවත්, මෙය වළක්වාලීම සඳහා ඉතා කඩිනමින් පියවරක් ගත යුතු බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරපෝෂී දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසුජි වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරන ලද ඝර්ම කලාපීය රෝග සම්බන්ධව අන්තර්ජාතික සමුළුවේදී මේ සම්බන්ධව වැඩිදුරටත් සාකච්ඡා කළ බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසුජි වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම රෝගය නගරය තුළ සියයට 01ටත් වඩා අඩු තත්ත්වයක ඇති අතර, මහනුවර වතු ආශ්‍රිතව කළ පර්යේෂණවලදී එය සෑහීමකට පත්විය නොහැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම රෝගය නිසා ළමුන්ගේ කුඩා කල වර්ධනය හීන වීමක් ඇති වන බවත්, මෙය ඉතාමත් පහසුවෙන් වළක්වාගත හැකි රෝගයක් බැවින් නිසි පරිදි ඖෂධ ගැනීමෙන් වළක්වාගත හැකි බවද වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.