FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරගයේ පරාජයට හේතුව A, B සහ C බව තිසර කියයි..

‍දෙවන එක්දින තරගයේදී සිදුවු අඩුපාඩු මගහරවා ගනිමින් තුන්වන එක්දින තරගයට සාර්ථකව මුහුණ දෙන බව ඊයේ (14) තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා එක්දින නායක තිසර පෙරේරා සඳහන් කර තිබේ.

මෙම තරගය සඳහා A, B සහ C ලෙස සැලසුම් තුනක් තිබුන ද බලාපොරොත්තුවු ආකාරයෙන් ඉන් එකක් හෝ සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකියාවක් නොලැබුනු බවද ඔහු ප්‍රකාශ කර ඇත.

රෝහිත් ශර්මාගේ දැවැන්ත පිතිහරඹය ඊට එක් හේතුවක් වු බවත්, සිය පන්දු යවන්නන්ගේන් ද සාර්ථක ප්‍රතිඵලයක් දෙවන එක්දින තරගයේදී නොලැබුනු බව තිසර සදහන් කර තිබේ.

සිය පිතිකරුවන්ට ද දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වු බවද,ඇන්ජෙලෝ මැතිව්ස් ඉතා හොඳින් මෙම තරගයේදීද තම කර්තව්‍ය ඉටු කල බව හෙතෙම පවසා ඇත.

එසේම ඉන්දියාව ලබාදුන් ලකුණු 393 ක ඉලක්කය හඹා යාමට නම් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයන් සිටිය යුතු බවත් මැදපෙළද ඉතා ශක්තිමත් විය යුතු බවද පෙන්වා දී ඇති තිසර පෙරේරා එම කරුණු දෙකම තරගයේදී ඉටු නොවු බව පෙන්වා දී ඇත.

මෙම තරගයේදී සිදුවු අඩුපාඩු මගහරවා ගනිමින් තීරණාත්මක තුන්වන එක්දින තරගයට පිවිසෙන බවද, ක්‍රිකට් ක්‍රීඩාව යනු මෙවැනි තත්වයන්ට මුහුණදීම බව හෙතෙම මාධ්‍ය වෙත වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

DE සිල්වා