FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨයන් මම කියන දේ අහනවම් ඒක විහිලුවක්..

ඒකාබද්ධ විපක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ නායකයන් තමා කියන දේ අසන බවට යමෙකු පැවැසීම විහිලුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡා කඩාකප්පල් කළේ නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් බවට අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (13) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කළ ප්‍රකාශය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙම අදහස් දැක්වීය.

“දයාසිරි අමාත්‍යවරයා මට ඔය චෝදනාව එල්ල කළාට මම ඔය කියන සාකච්ඡාවට හිටියෙත් නෑ. මම එදා පොළොන්නරුවේ සිටියේ. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග ගැටලුවක් නෑ. නමුත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඇතුළු පිරිස ඇමතිකම් අත්හරින්න කැමති නෑ. එතුමන්ලාගේ ඇමැති ධුරය ආරක්ෂා කර ගැනීමට අපිට බැනීමෙන් වැඩක් නෑ. අපි කියන්නේ ඇමතිකම් ටික දාලා එන්න අපේ ආණ්වක් හදමු කියලයි.

ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් නාමල් රාජපක්ෂ කියන දේ අහනවම් ඒක විහිලුවක්. ඒ අය හිතනවානම් අවුරුදු 50ක දේශපාලන ඉතිහාසයක් තිබෙන මහින්ද රාජපක්ෂ මේ අවුරුදු 30ක් වන නාමල් රාජපක්ෂගේ කීම අහනවා කියා ඒක වැරැද්දක්. මම පෞද්ගලිකව මෙම ඒකාබද්ධවීමට විරුද්ධයි. මොකද කකුල් දෙක දෙපැත්තක තියාගන්න බෑ.”