FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අපේක්ෂකයා පරාජයට පත් වෙයි..

ඇලබාමා ප්‍රාන්තයේ සෙනෙට් සභික ධූරය තේරීම සදහා පැවති ඡන්ද විමසීමෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අපේක්ෂකයා පරාජයට පත්වීමත් සමග ට්‍රම්ප් පාලනය පිළිබද බොහෝ දෙනාගේ උනන්දුව අඩු වී ඇති බවට වාර්තා වෙයි.

වසර 25කට පසුව ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්ත සෙනෙට් සභික ධුරය සදහා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයෙකු ඊයේ(13) තේරී පත් වු බව සදහන් විය.

එම පක්ෂය නියෝජනය කළ ඩව් ජෝන්ස් ඡන්ද පනස් එකට හතළිස් නවයක් ලෙස මැතිවරණය ජය ගත් බවත් ඔහුගේ ප්‍රතිවාදියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ රෝයි මුවර් ලැබූ පරාජය ට්‍රම්ප් පාලනයේ ජනප්‍රියතාව අඩුවීමක් ලෙසත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

C.Rodrigo