FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවකට ලිංගික අතවර කරන්න ආ ටියුෂන් ගුරාට වූ දේ..

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකු, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවකට සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කිරීමට තැත් කළ බවට 12 වනදා මුලතිව් පොලීසියට සිසුවියගේ මව විසින් පැමිණිලි කොට තිබේ.

ශිෂ්‍යාවගේ මව පවසා ඇත්තේ දෙසැම්බර් මස 9 වෙනිදා සවස ඉලක්ක ප්‍රශ්න සාකච්ඡා කිරීම පිණිස එම ටියුෂන් ගුරුවරයා විසින් ඔහුගේ අධ්‍යාපන ආයතනය තුළ සංවිධානය කළ උපකාරක පන්තියකට තම දියණියද ගිය බවටයි.

පසුව උපකාරක පන්තිය අවසන් වන විට රාත්‍රී 7 පමණ වූ බවත් ශිෂ්‍යාව තනිවම නිවසට ඒමට සූදානම් වූ අවස්ථාවේදී ටියුෂන් ගුරුවරයා දියණිය ඔහුගේ මෝටර් රථයේ නංවා ගෙන නිවසට ඇරලීමට පියවර ගෙන ඇති බවත්ය.

එහිදී මාර්ගයේ පාලු ප්‍රදේශයකදී මෝටර් රථය නවතා ගුරුවරයා දියණියට ලිංගික අතවර කිරීමට සූදානම් වී ඇති බවත් පසුව දියණිය මෝටර් රථයෙන් බැස නිවසට පැමිණි නමුත් සිද්ධිය ගැන කිසිවක් තමන්ට නොකී බවත් ඇය එම සිද්ධිය ඇගේ නැන්දණියට පැවසීමෙන් පසුව නැන්දනිය විසින් ඒ බව තමන්ට පැවසූ වගද දියණියගේ මව විසින් පොලීසියට පවසා ඇත.

අදාල පැමිණිල්ලත් සමග මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අදාල ටියුෂන් ගුරුවරයාව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවටද මුලතිව් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.