FAST NEWS

24×7 Around the Globe

හැම කෙනකුටම ඇහුම්කන් දීල වැඩ කරන එකම තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ..

මේ ආණ්ඩුව සෑම කෙනකුටම ඇහුම්කන් දී වැඩ කළත් ඒක ප්‍රශ්නයක් වී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (13) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් පැවැසීය.

රජය දණ ගහලා නැහැ. මේ ආණ්ඩුව හැම කෙනකුටම ඇහුම්කන් දීල වැඩ කරන ආණ්ඩුවක්. ඒකම තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ. අත්‍යවශ්‍ය සේවා නියෝගය තිබුණත් අපි තවදුරටත් යම් එකඟතාවකට එන්න උත්සාහ කළේ. එම නිසයි කැබිනට් අනු කමිටුවක් පත් කළේ. 2006/1 චක්‍රලේඛ නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් තලවල විශාල ප්‍රශ්නයක් ඇති වෙලා. ඒවා එකක් විසඳන කොට තව කට්ටියක් පාරට බහිනවා.