FAST NEWS

24×7 Around the Globe

ට්‍රයිසිකලයක් ඉන්ධනවලින් ධාවනය වන යතුරුපැදියක් බවට හැරවූ පුංචි මධුෂංක..

කුඩා ළමයින් පදවන ට්‍රයිසිකලයක් භාවිත කරමින් ඉන්ධනවලින් ධාවනය කරන යතුරුපැදියක් නිර්මාණය කිරීමට 11 හැවිරිදි පාසල් සිසුවකු සමත්ව ඇති බව වාර්තා වෙයි.

පොළොන්නරුවේ අලුත්වැව මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබන අලුත්වැව ගම්මානයේ පදිංචි ආනන්ද රණසිංහ හා ඒ.ජී. ස්වර්ණලතාගේ පවුලේ බාලම දරුවා වන 11 හැවිරිදි මධුසංක කුෂාන් රණසිංහ කුඩා කල පටන්ම මෙවැනි කාර්මික විෂය පිළිබඳ උපන් හපන්කම් දක්වන බව පැවසේ.

කදුරුවෙල නගරයේ යකඩ බඩු වෙළෙඳසලකට පසුගිය දිනක ගිය මධුසංක රුපියල් 150ක මුදලක් ගෙවා ඉවත්කර තිබූ ට්‍රයිසිකලයක් මිලදී ගෙන මෙම නිර්මාණයට අත ගසා තිබෙන අතර මේ කටයුත්ත සඳහා සිය බාප්පාගෙන් ඉවත්කරන ලද ලී ඉරණ යන්ත්‍රයක් ලබා ගැනීමටත් ඉවත් කළ රෙදි සෝදන යන්ත්‍රයකින් තවත් කොටස් කිහිපයක් ලබාගැනීමටත් කටයුතු කළ මොහු තවත් අමතර කොටස් සොයාගෙන පෙට්රල්වලින් ධාවනය කරන යතුරුපැදියක් නිර්මාණය කර තිබේ.

එසේම මෙය පැයට සැතපුම් 50කට අධික වේගයෙන් ධාවනය කළ හැකි බව අපට දැනගන්නට ලැබිණි.