FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු වෛරසය වළක්වන්න අලුත් බැක්ටීරියාවක්..

ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසින් හඳුන්වා දී ඇති “Wolbachia” බැක්ටීරියාව, ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීමට යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද නියමිත බවද වාර්තා වේ.

ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට “Wolbachia” බැක්ටීරියාව ආසාධිත “Aedes aegypti” මදුරුවන් නිදහස් කිරීම ඔස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ කොළොම්බියාව යන රටවල සාර්ථකව සිදු කරයි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරා ගත් ප්‍රදේශවල ක්ෂේත්‍ර මට්ටමේ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීමට මොනෑෂ් විශ්වවිද්‍යාලය කැමැත්ත පළ කර ඇත.