FAST NEWS

24×7 Around the Globe

ගෝල් ෆේස් පිටියේ හදපු නත්තල් ගස ගිනස් වාර්තා අතරට ඇවිත්..

වරාය අමාත්‍යවරයා ලෙස අර්ජුන රණතුංග මහතා කටයුතු කරන කාලසීමාවේදී පසුගිය වසරේදි (2016 නත්තල් සමයේදී) කොළඹ ගෝල් ෆේස් පිටියේ ඉදිකළ කෘතීම නත්තල් ගස ලෝකයේ විශාලම නත්තල් ගස ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබේ.

ලෝක ගිනස් වාර්තා කමිටුව එය සනාථ කර ඇති අතර එම සහතිකය අද (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

නත්තල් ගසේ උස මීටර් 72.1ක් වූ අතර මිට ඉහතදී ලෝකයේ විශාලම නත්තල් ගස ලෙස වාර්තා අතරට එක්ව තිබුණේ 2015 වසරේ නත්තලට සමගාමීව උසින් මීටර් 55ක් වූ චීනයේ GZ ThinkBig Culture Communication Co.Ltd සමාගම ඉදිකළ නත්තල් ගසය.