දශක තුනකට වැඩි කාලයක් පැවැති තහනම ඉවත් කරමින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට අවසර දීමට සෞදි අරාබිය තීරණය කර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
මෙම තීරණය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහම්මෙද් බින් සල්මාන්ගේ සමාජ ප්‍රතිසංස්කරණ මාලාවේ එක් අංගයක් යැයි ද පැවැසේ.
මේ අනුව ලබන වසරේ සිට වාණිජ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට සෞදි පාලනය අවසර දී තිබෙන අතර මෙලෙස සෞදිය තුළ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන්නේ වසර 35කට පසුව බව සදහන්ය.









