න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව උතුරු කොරියාව සමඟ සාකච්ඡා කිරීමට ඇමරිකාව එකඟතාව පළ කර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් කියා සිටියේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නතර කළ යුතුය යන මතයේ තවමත් සිය රට සිටින බවයි.
කෙසේ වෙතත්, රෙක්ස් ටිලර්සන් කියා සිටියේ සාකච්ඡා සඳහා පිවිසිය ද උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් නොකරන බවයි.
C.Rodrigo









